Thursday, April 25, 2024

General line - 0115112241

විශේෂඥ වෛද්‍යවරුන්ගේ මාරුවීම් ක්‍රමවේදය වෙනස් කරන්න උපදෙස්




විවිධ රෝග සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීම නතර කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩෙංගු, මැලේරියා ඇතුළු අනෙකුත් රෝග සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබාදීම තුළින් ගැටළු රැසක් මතුවන බවයි.

පවතින ස්ථාන මාරුවීම් ක‍්‍රමවේදය සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.