Saturday, April 20, 2024

General line - 0115112241

කොළඹ අදත් කඳුළින් තෙමෙයි




මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව පැවැත් වූ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ල කළා. ඒ, කොළඹ කොටුව ලෝටස් වටරවුම ආසන්නයේදීයි.

විරෝධතා පා ගමනේ නිරත වූ වෛද්‍ය පීඨ සිසුන් පොලිස් මාර්ග බාධක බිඳ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ ගත් බවයි එහි සිටි නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු වසන්ත ධර්ම ශ‍්‍රී බණ්ඩාර පැවසුවේ. එම අවස්ථාවේ දී පොලිසිය මෙම කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාරය එල්ල කළා. මෙම විරෝධතා පා ගමනට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණා.