Thursday, April 25, 2024

General line - 0115112241

මව්වරුන්ට නායකත්වය අරන් කරන්න වැඩක් ජනපති කියයි




සෑම පවුලක්ම මතින් නිදහස් පවුලක් බවට පත් කිරීමට මව්වරුන් නායකත්වය ගත යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පවුල් සංස්ථාවක අනාගතය සමෘද්ධිමත් සහ සුබවාදී කිරීමට තිබෙන ප‍්‍රධානතම බාධාව මත්ද්‍රව්‍ය බවයි.

ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේ පැවති දකුණු පළාත් මව් සෞඛ්‍ය සමාජ වැඩසටහනේ ගාල්ල දිස්ත‍්‍රික් සම්මන්ත‍්‍රණය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී මෙලෙස අදහස් දැක්වූවා.