Friday, April 19, 2024

General line - 0115112241

කුඩු ජාවාරම් කළ 8ක් අල්ලයි




මැදවච්චිය ප‍්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවන් අට දෙනෙකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

ඒ, උතුරුමැද පළාත් සුරාබදු කොමසාරිස් රෝයි ප‍්‍රනාන්දුට ලැබුණු තොරතුරකට අනුව සුරාබදු අධිකාරී ඒ. එම්. ඒ. සෝමවීරගේ උපදෙස් මත කැබිතිගොල්ලෑව සුරාබදු ස්ථානාධිපති ජේ. ආර්. ටී. සමරතුංග ප‍්‍රමුඛ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි.

සැකකරුවන් මැදවච්චිය සහ අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සෙසු සැකකරුවන්ට දඩ නියම කර තිබෙනවා.