Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පකිස්තානයට පරදී




පන්දුවාර විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පකිස්තානය සමඟ පැවති තරගයෙන් ශ‍්‍රී ලංකාව අද පරාජයට පත්වුණා. ඒ, කඩුලූ 05කින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ හතක් දැවී ලකුණු 164ක් රැස් කළා. පකිස්තාන දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 17 යි පන්දු දෙකක් අවසානයේ කඩුලූ 05ක් දැවී පසුකර යමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත් රටවල් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා. ඒ්, මේ දක්වා තමන් සහභාගී වූ තරග 03 න් තරග දෙකක් ජය ගනිමින්. තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වෙනවා.