Wednesday, April 24, 2024

General line - 0115112241

සයිටම් ආයතනය වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටකට අවශ්‍යයි – ඇමති




මාලඹේ සයිටම් ආයතනය වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටකට අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ සාමාජිකයින් අද දිනයේ ද විරෝධතාවක නිරත වුණා. උද්ඝෝෂණයේ නිරත වූ සිසුන් පොලිස් මාර්ග බාධක බිඳ දමමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමත් සමග පොලිසිය ඔවුන්ට කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර ද එල්ල කළා.

ඒ, කොළඹ කොටුව ලෝටස් වටරවුම ආසන්නයේදීයි. එහිදී සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. කෙසේ වෙතත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව විසින් පැවැත්වූ මෙම විරෝධතාවට එරෙහිව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණා.