Saturday, April 20, 2024

General line - 0115112241

දිවයිනේ විශාලතම ප‍්‍රාථමික ලෙන් සිතුවම් එකතුව (PHOTOS)




දිවයිනේ විශාලතම ප‍්‍රාථමික ලෙන් සිතුවම් එකතුව මොණරාගල සියඹලාණ්ඩුව ප‍්‍රදේශයෙන් හමු වී තිබෙනවා. ඒ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිවුලේයාය වෙට්ටඹුගල ප‍්‍රදේශයේ සිදු කළ කැණීම්වලදීයි. ප‍්‍රාථමික ලෙන් සිතුවම් ගණයට අයත් සිතුවම් 200ත් 300ත් අතර ප‍්‍රමාණයක් එහිදී හමු වී තිබෙනවා. එය දිවයිනෙන් මෙතෙක් හමු වී ඇති විශාලතම ප‍්‍රාථමික ලෙන් සිතුවම් එකතුව වන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

අදාළ ලෙන දිගින් මීටර් 75ක් පමණ වන අතර උස මීටර් 20ක් පමණ වනවා. ලෙනෙහි කටාරමට යටින් ක‍්‍රිස්තු පූර්ව දෙවන සහ තුන්වන සියවස්වලට අයත් පූර්ව බ‍්‍රාහ්මීය අක්ෂරයෙන් පුරාණ සිංහල භාෂාවට අයත් ලෙන් ලිපියක් ද දක්නට ලැබෙනවා. මෙම ලෙනට ඉහළින් ඇති පර්වතයේ තිබී ශිලා ලිපි දෙකක් ද සොයා ගැණුනා. එම ශිලා ලේඛන අනුව මෙය දේවානම්පියතිස්ස රජ සමයේ දී රුහුණට පලාගිය මහානාග රජුගේ පාලන කාලයට අයත් ලෙනක් වනවා. එය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් පූජා කර ඇති බව අදාළ ශිලා ලේඛනවල සටහන් වන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

01

02