Thursday, April 25, 2024

General line - 0115112241

සිරුරේ ගස් වැවෙන දැරියක්- බී බී සී අනාවරණයක්




බංග්ලාදේශයේ උතුරු පෙදෙසක පිහිටි ගම්මානයක ජීවත්වන දැරියකට ‘ට්‍රී මෑන් සින්ඩ්‍රොම්’ (tree man syndrome) රෝගය වැළඳී ඇති බවට සැක කරන බව බී බී සී පුවත් සේවය පවසනවා.

එසේ වුවහොත් ‘ට්‍රී මෑන් සින්ඩ්‍රොම්’ වැළඳුනු ලොව ප්‍රථම ස්ත්‍රිය ඇය වන බවයි එහි සඳහන් වන්නේ.

වෛද්‍යවරුන්ගේ රෝග විනිශ්චය නිවැරදි වුවහොත් ‘ට්‍රී මෑන් සින්ඩ්‍රොම්’ සහිතව දැනට ලෝකයේ ජීවත්වන කිහිප දෙනා අතරට මෙම දැරිය වන සානා ද එක්වනු ඇති.

ජාන දෝෂයක් මගින් උරුමවන මෙම රෝගයට ලක්වූ තැනැත්තාගේ සම මත බැලූබැල්මට ශාකයක් වර්ධනය වන්නාක් මෙන් පෙනෙන්නට තිබෙනවා.

මෙවැනි රෝගියෙකු මීට පෙර ද බංග්ලාදේශයෙන් වාර්තා වූ අතර විසිහත් හැවිරිදි ඔහුගේ දෑත් සහ දෙපා මෙම රෝගයට ගොදුරුවී තිබුණා.

‘ට්‍රී මෑන් සින්ඩ්‍රොම්’ සහිත බවට හඳුනාගත් පළමු බංග්ලාදේශ ජාතිකයා වූ ඔහුට වසර ගණනාවක් යනතුරු සිය බිරිඳ හෝ දරුවා ස්පර්ශ කළ නොහැකි වූ බවයි පැවසෙන්නේ.

ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍ය කණ්ඩායම ම සහානාගේ රෝගී තත්වය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අතර ඔවුන්ගේ අදහස වී ඇත්තේ සහානාගේ තත්වය එතරම් බරපතල නොවන අතර ඇයට ඉක්මන් සුවය ලැබෙනු ඇති බවයි.

_93904857_3fb0c366-d9f1-4d52-a996-50abf0df9936 _93904859_36badb8d-3edd-44df-b4dc-4c1bf09e1737