Friday, March 29, 2024

General line - 0115112241

ලංකාවට ගෙන් වූ බාල තෙල් හරවා යවයි




ශී‍්‍ර ලංකාවට ගෙන් වූ නිසි ප‍්‍රමිතියෙන් තොර ජෙට් ඒ වන් ගුවන් යානා ඉන්ධන තොගය ආපසු හරවා යැවීමට තීරණය කළ බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ අවස්ථා 3කදී පරීක්ෂා කිරීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.

අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ගාල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

මේ හේතුවෙන් රට තුළ ගුවන් යානා ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා පැවසුවා.

කඩිනමින් ගුවන් යානා ඉන්ධන ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවා අවශ්‍ය කටයුතු සිදු කරන බවයි චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේ.