Saturday, April 20, 2024

General line - 0115112241

සුරංගගේ 3වැනි ශතකය




පන්දුවාර විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ එංගලන්තය සමග දැන් පැවැත්වෙන තරගයේදී ශතකයක් වාර්තා කිරීමට

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සුරංග සම්පත් සමත් වුණා. ඔහු නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 164 ක්. පන්දු 73 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 25 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් වුණා. සුරංග සම්පත් මෙවර විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී වාර්තා කළ 3 වන ශතකය මෙයවීම විශේෂත්වයක්.

මීට පෙර නවසිලන්තයට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඔහු ශතක වාර්තා කළා. සුරංගගේ ශතකයෙන් ශක්තිමත් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 20 නිමා වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 307 ක් රැස් කිරීමට සමත් වුණා. මීට අමතරව පැතුම් සමන් කුමාරද නොදැවී ලකුණු 104 ක් රැස් කළා.