Saturday, April 20, 2024

General line - 0115112241

දෘෂ්‍යාබාධිත 20/20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ළං වෙයි




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් තරගාවලියේ සිය තුන්වන ජයග‍්‍රහණය හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකාව අද (03) සමත් වුණා. ඒ, එංගලන්ත කණ්ඩායම ලකුණු 103කින් පරාජය කරමින්. ඉන්දියාවේ සර්දා පටෙල් ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී එක් කඩුල්ලක් දැවී ලකුණු 307යි. එංගලන්ත දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායමේ පිළිතුරු ඉනිම කඩුලූ 7ක් දැවී ලකුණු 204කට සීමා වුණා.
මීට පෙර පැවති තරගවලදී ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණ ලැබූයේ බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්ත කණ්ඩායම් පරාජය කරමින්.

පාකිස්තානය සමග ඊයේ පැවති තරගය ඔවුන් පරාජය වුණා. මෙම තරගාවලියේ ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ඉන්දියාවට එරෙහිව හෙට පැවැත්වීමට නියමිතයි.

01 02 03 04