Saturday, April 20, 2024

General line - 0115112241

දැන් iPhone ඉන්දියාවෙන්




ඇපල් සමාගම දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය තුළ අයි ෆෝන් (iPhone) ජංගම දුරකතන නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගනිමින් ඇතිබව විදෙස් මාධ්‍ය පවසනවා.

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුව මේ බව සඳහන් කර තිබෙනවා.

ඇපල් සමාගම ලබන අප්‍රේල් මාසයේ පටන් සිය මූලික නිෂ්පාදන මෙහෙයුම් ආරම්භ කරන බව කර්ණාටක ප්‍රාන්ත ඇමතිවරු පවසන බවයි බී.බී.සී. පුවත් සේවය පවසන්නේ.

ඉන්දියාවේ ජංගම දුරකතන වෙළඳපොළ තුළ ඇපල් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම 2% ක් වනවා.

දකුණු කොරියාවේ නිෂ්පාදනය කෙරෙන සැම්සුන් ජංගම දුරකතන සඳහා ඉන්දීය වෙළඳපොළ තුළ ඇති ඉල්ලුම හා සැසඳීමේදී එය ඉතාමත් අඩු අගයක් වනවා.

කර්ණාටක ප්‍රාන්තයේ සිය නිෂ්පාදන ආරම්භ කිරීමේ සැලසුමක් ඇති බවක් ඇපල් සමාගම විසින් මෙතෙක් නිල වශයෙන් තහවුරු කරනු ලැබ නැති නමුත් ඉන්දියාව තුළ ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් දක්වන බව එම සමාගම ප්‍රකාශ කොට තිබෙනවා.