Tuesday, April 23, 2024

General line - 0115112241

සමුදුර නෞකාව පාකිස්ථා‍නය බලා ගමන් අරඹයි (PHOTOS)




ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව පාකිස්ථා‍නයේ පැවැත්වෙන අමාන් අභ්‍යාසය සඳහා සහභාගී වීමට කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත්ව ගියා.

මෙය ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ප්‍රදේශ නීරීක්ෂණය කරන නෞකාවක් වනවා.

සමුදුර නෞකාව පෙබරවාරි මස 9 වන දින පකිස්ථානයේ කරච්චි ප්‍රදේශයට සේන්දු විමට නියමිතයි.

මෙම සංචාරය සඳහා නාවික පුද්ගලයින් 186 දෙනෙකු හා මාලදිවයින් ජාතික ආරක්ෂක බළකායේ පුද්ගලයින් 8 දෙනෙකු සහභාගී වුණා.

සමුදුර නෞකාව සහභාගී වන අමාන් නාවික අභ්‍යාස විවිධ වු ක්‍රියාකාරකම් හා වැඩසටහන් පෙබරවාරි 14 වන දින දක්වා කරච්චි ප්‍රදේශයේ පැවැත් වීමට නියමිතයි.

මේ සඳහා රටවල් 21 ක නාවික හමුදාවන් සහභාගි විමට නියමිතයි.

unnamed (16) unnamed (17)unnamed (19) unnamed (20)