Friday, March 29, 2024

General line - 0115112241

නීති මගින් මාධ්‍ය හදන්න බැහැ – හිටපු මාධ්‍ය ඇමැතිගෙන් ප‍්‍රකාශයක්




නිදහස් මාධ්‍ය කලාවක් බිහි කිරීම නීති සම්පාදනයෙන් හෝ පවතින නීති ඉවත් කිරීමෙන් සිදු කළ නොහැකි බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසනවා.

ඒ සඳහා තාර්කික හා බුද්ධිමත් ප‍්‍රජාවක් බිහි කිරීම අවශ්‍ය වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. නාවල මාධ්‍ය , කලා සහ කළමනාකරණ පාසලේ ඩිප්ලෝමා සහ සහතිකපත‍්‍ර පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන්ට සහතික ප‍්‍රදානය කිරීමේ උත්සවයකට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෙම උත්සවයේදී පාඨමාලා සාර්ථකව අවසන් කළ කණ්ඩායම් 11ක සිසු සිසුවියන් 154 දෙනෙකු සඳහා සහතික පත‍්‍ර පිරිනැමුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද එක්වුණා.

ජනමාධ්‍ය සම්බන්ධයෙන් රජයක් මැදිහත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතාද මෙම උත්සවයට එක්වෙමින් අදහස් පළ කළා.

DSC_7262 DSC_7272 DSC_7311