Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව අසරණ කරමින් දකුණු අප්‍රිකානුවන් ජය පැන් බොයි




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක‍්‍රිකට් තරගය කඩුලු හතකින් ජය ගැනීමට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ඊයේ (04) රාත‍්‍රියේ සමත් වුණා.

ජොහැන්නස්බර්ග් නුවර පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම රැස්කර ගත්තේ සියල්ලන් දැවී ලකුණු 163 ක් පමණයි.

දකුණු අප‍්‍රිකාව මෙම ඉලක්කය පන්දුවාර 32 ක් අවසානයේ කඩුලු 03ක් දැවී පසුකර යාමට සමත් වුණා. ශ‍්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 74 යි. නායක උපුල් තරංග ලකුණු 31ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 60ක සබදතාවක් ගොඩනැගූ අතර ශ‍්‍රී ලංකා ඉණිමේ ඉතිරි කඩුලූ සියල්ල ලකුණු 103 ක් තුළ බිඳ වැටීම කැපී පෙණුනා.

දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් නායක ඒ. බී. ඩිවිලියර්ස් නොදැවී ලකුණු 60ක් රැස් කළා. තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී තුනට බින්දුවක් ලෙස දකුණු අප‍්‍රිකාව මෙම තරගාවලිය ජයගෙන සිටිනවා.