Thursday, April 25, 2024

General line - 0115112241

යසීර් ෂාගෙන් ලෝක වාර්තාවක්




පළමු ටෙස්ට් තරග 13 තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා ලෙස පාකිස්තාන දඟ පන්දු යවන කී‍්‍රඩක යසීර් ෂා අද වාර්තා පොත් අතරට එක් වුණා.

ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග ලෝර්ඩ්ස් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදීයි.

එංගලන්ත පළමු ඉනිමේදී ලකුණු 72කට කඩුලු 6ක් බිඳ හෙළීමට යසීර් ෂා සමත් වුණා.

ඔහු මේ දක්වා ටෙස්ට් තරග 13කට කී‍්‍රඩා කරමින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 82ක්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ පළමු ටෙස්ට් තරග දහතුනේදී කඩුලු 81ක් දවා ගත් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ චාර්ලි ටර්නර්.

වසර අසූ තුනකට පසු පා දඟ පන්දු යවන්නෙකු ලෝර්ඞ්ස් පිටියේ කඩුලු 6 ක් දවාගත් පළමු අවස්ථාව ලෙසද මෙය වා්රතා පොත් අතරට එක් වුණා.

sha