Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට සිව්වැනි ජයත්..!




ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස දෘෂ්‍යාබාධිත ලෝක කුසාලන කි‍්‍රකට් තරගාවලියේ සිය 4 වන ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (05) සමත් වුණා. එ් නේපාලයට එරෙහිව ලකුණු 131ක ජයක් වාර්තා කරමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 2ක් දැවී ලකුණු 272ක් රැස් කළා.

සුරංග සම්පත් පන්දු 48කදී ලකුණු 111ක් රැස් කිරීම සමත් වුණා. මෙම තරගාවලියේ ඔහු වාර්තා කළ සිවුවන ශතකයද මෙයයි. ලකුණු 273ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය නේපාල දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5ක් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 143ක් පමණයි.

ශී‍්‍ර ලංකා දෘෂ්‍යෘබාධිත කි‍්‍රකට් පිල මේ දක්වා තමන් සහභාගිවූ තරග 6න් තරග 4ක් ජය ගැනිමට සමත්ව සිටිනවා. එ් අනුව ඔවුන් ප‍්‍රසාද ලකුණු සටහනේ ලකුණු 12ක් ලබා පසුවන්නේ සිවුවන ස්ථානයේයි. ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් පිල සහභාගි වන තවත් තරගයක් හෙට ඔස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙනවා.