Saturday, April 20, 2024

General line - 0115112241

දිරිය නෙත් වෙතින් පාසලට පුස්තකාලයක්




දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ ගාල්ල හරුමල්ගොඩ බටහිර කණිෂ්ඨ විද්‍යාලය සඳහා ඉදි කෙරුණු නව පුස්තකාල ගොඩනැගිල්ල අද (06) විවෘත කෙරෙනවා.

විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ පරිශීලනය සඳහා අවශ්‍ය පොත්පත් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු කෙරෙනු ඇති.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාල්ල හරුමල්ගොඩ බටහිර කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති කේ. ආර්. කාන්ති සඳහන් කළේ “අපේ පාසලට මෙතෙක් කල් පුස්තකාලයක් තිබුණේ නැහැ. ඒ අඩුපාඩුව නෙත් එෆ්.එම් රේඩියෝවෙන් හඳුනාගෙන අද වන විට ඒ අවශ්‍යතාව ඉටු කරලා තියෙනවා. මේ පාසලේ විශාල වශයෙන් අඩුපාඩු තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයට අත්‍යාවශ්‍යම අංගයක් තමයි අද දවසේ නෙත් එෆ්.එම් රේඩියෝවෙන් ඉටු කරලා තියෙන්නේ.” යනුවෙනි.

දිරිය නෙත් සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ ඉදිකර, සිසු අයිතියට පත් කෙරෙන තුන්වන පාසල් පුස්තකාලය මෙයයි.

IMG_4830 IMG_4841 IMG_4846 IMG_4848 IMG_4854 IMG_4855 IMG_4863 IMG_4865 IMG_4870 IMG_4871 IMG_4877 IMG_4878 IMG_4879 IMG_4880 IMG_4881 IMG_4885