Saturday, April 20, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයට සහ පකිස්ථානයට දැඩි හිම පතනයක් (VIDEO)




දැඩි හිම පතනය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ පුද්ගලයින් සියයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැඩිම ජීවිත හානි වාර්තා වී ඇත්තේ පකිස්ථානයෙන්.

කාන්තාවන් සහ ළමුන් විශාල සංඛ්‍යාවක් මියගිය පිරිස් අතර වන බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ.

උතුරු ඇෆ්ගනිස්ථානයේ සහ වයඹදිග පකිස්ථානයේ නිවාස මතට හිම කඳු කඩා වැටී ඇති අතර ප‍්‍රදේශයේ ගමනාගමන කටයුතු ද ඇණහිට තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ නූරිස්ථාන් පළාත් ආණ්ඩුකාර හෆීස් අබ්දුල් පවසන්නේ පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම්වලට ද අධික හිමි පතනයෙන් බාධා එල්ල වී ඇති බවයි.

පවතින තත්ත්වය මත ඇෆ්ගනිස්ථානයේ වැඩ කරන දිනයක් වන ඉරිදා දිනය නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට ද එරට රජය පියවර ගෙන තිබුණා.