Friday, April 19, 2024

General line - 0115112241

සුරංගගේ ශතක පහ ලෝක වාර්තා අතරට




පන්දුවාර විස්ස දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියක වැඩිම ශතක වැඩිම ශතක ලාභියා ලෙස වාර්තා අතරට එක්වීමට ශී‍්‍ර ලංකාවේ සුරංග සම්පත් සමත්ව සිටිනවා.

එ් ඔහු මෙම තරගාවලියේ දී මෙතෙක් සහභාගි වූ තරග 7කදී ශතක 5ක් රැුස් කරමින්. අද දිනයේදී ඔහු සිය පස්වන ශතකය වාර්තා කළේ ඔස්ටේ‍්‍රලියානු දෘෂ්‍යාබාධික කණ්ඩායමට එරෙහිවයි.

එහිදී ඔහු පන්දු 52කදී නොදැවී ලකුණු 105ක් රැුස් කිරීමට සමත් වුණා. එ් හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් සමගින්.

ඔහුගේ පිතිහරඹයෙන් ලකුණු 175ක ඉලක්කයක් හඹාගිය ශී‍්‍ර ලංකාව ඔස්ටේ‍්‍රලියානු දෘෂ්‍යාබාධිත පිල පරාජය කරමින් කඩුලූ 8ක ජයක් හිමිකර ගත්තා.

සුරංග සම්පත් මේ දක්වා වාර්තා කර තිබෙන ශතක 5ම නොදැවී රැුස් කර තිබීමද කැපී පෙනෙනවා.