Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දියාවේදී ලද අමිහිරි පරාජයේ වේදනාවෙන් කුක්ගේ ‘නායකත්ව ඉනිම‘ දැවී යයි




අලෙස්ටෙයාර් කුක් එංගලන්ත ටෙස්ට් කි‍්‍රකට් නායකත්වයෙන් ඉල්ලා ඉස්වී තිබෙනවා.

ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ එංගලන්ත කි‍්‍රකට් බලධාරීන් සමග පැවැති සාකච්ඡුාවකින් අනතුරුවයි.

ඇලෙස්ටෙයාර් කුක් මේ දක්වා ටෙස්ට් තරග 59කදී එංගලන්ත කණ්ඩායමට නායකත්වය ලබාදී තිබෙනවා.

2013 සහ 2015 වසරවල ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවති අළුබඳුන ටෙස්ට් තරගාවලියේ ශූරතාව එංගලන්තය දිනා ගත්තේද ඔහුගේ නායකත්වය යටතේයි.

කෙසේ වෙතත් ඉකුත් වසරේදී ඉන්දියාව හමුවේ එංගලන්තය 4 ට බින්දුවක් ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබීමත් සමග කුක්ගේ නායකත්වය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වුණා.

නායකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු පවසන්නේ සිය කණ්ඩායම වෙනුවෙන් තමන් නිවැරදි තීරණයක් ගෙන ඇති බවයි.

ඇලෙස්ටෙයාර් කුක් වෙනුවට පත් කරන එංගලන්ත නව ටෙස්ට් නායකයා ඉදිරියේදී නම් කිරීමට නියමිතව තිබෙනවා.

බොහෝ විට එංගලන්ත ටෙස්ට් කි‍්‍රකට් නායකත්වය ජෝ රූට්ට හිමවනු ඇති බවයි වාර්තා වන්නේ.