Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියාවේ උත්තරකාන්ත් ප්‍රදේශයට ප්‍රභල භූ කම්පනයක්




ඉන්දියාවේ උත්තරකාන්ත් ප්‍රදේශ්හි රික්ටර් මාපාංක ඒකක පහයි දශම අටක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් සිදුව තිඛෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුව ඇති මෙම භූ කම්පනය නවදිල්ලි අගනුවරට ද දැනී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. පන්ජාබ් සහ උතුරු ඉන්දියාවේ තවත් ප්‍රදේශ කිහිපයකට එම භූ චලනයේ බලපෑම දැනී ඇති බව ද එම වාර්තාවල දැක්වෙනවා.

කෙසේ වෙතත් ඒ හේතුවෙන් සිදු වූ ජීවිත හානි පිළිබද මෙතෙක් තොරතුරු වාරතා නොවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.