Friday, March 29, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවෙන් ලංකාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක් (UPDATE)




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (07) පැවැත්වෙන සිව්වන එක්දින ක‍්‍රිකට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 367 ක් ලබා ගත්තා.

ෆෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 185 යි.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිළ ලකුණු 368 ක් ලබා ගත යුතු වනවා.

 


දකුණු අප්‍රිකාව අදත් පිත්ත අතට ගනී

(Feb 7, 2017 @ 16:49)

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (07) පැවැත්වෙන සිව්වන එක්දින ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාව තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි.

මෙම තරගයට දිනේෂ් චන්දිමාල් සහභාගී නොවන අතර ඒ වෙනුවට සඳුන් වීරක්කොඩි කණ්ඩායමට නම් කර තිබෙනවා.