Thursday, March 28, 2024

General line - 0115112241

හොර පාර අතහැර හරි පාරට එන්න – වෛද්‍යවරුන් සයිටම් ආයතනයට කියයි




නීතිවිරෝධී කටයුතුවලින් ඈත් වී නිත්‍යානුකූලව කටයුතු කිරීමට සයිටම් ආයතනය වගබලාගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ පවතින තත්ත්වය අනාගතයටද වැරදි පූර්වාදර්ශයක් බවයි. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රී විකාශය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

නීත්‍යානුකූලව කටයුතු කරන්නේ නම් සයිටම් ආයතනය පිළිගැනීමට සූදානම් දැයි මෙහිදී ප්‍රශ්න කෙරුණා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දිගින් දිගටම සයිටම් ආයතනයට එරෙහිව හඩ නගන හේතුවද මෙහිදි අනාවරණ කෙරුණා.

සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කරන්න..

අක‍්ෂි කාච සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබද මෙම වැඩසටහනේදී සාකච්ඡා වූ කරුණු අද (08) දහවල් 12 අපගේ මීළග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.