Thursday, April 25, 2024

General line - 0115112241

පාකිස්තානය සහල් අරං එයි




පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ඇතිවී තිබූ නියං සහිත අධික වියළි කාළගුණික තත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නොමිලේ බෙදාහැරීම සඳහා සහනාධාර තොගයක් රැගත් ප්‍රථම විදේශීය ගුවන් යානය අද (08) සවස 5.10 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ලඟා වුණා.

පාකිස්තාන රජය මගින් පිරිනමන ලද ප්‍රථම ආධාර තොගය එම යානයේ වූ අතර, එය පාකිස්තාන ගුවන් හමුදාවට අයත් IL – 76 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්.

මෙහි සුදු කැකුලු වර්ගයේ සහල් කිලෝග්‍රෑම්  25,000 ක් ඇතුළත්ව තිබෙනවා.

මීට අමතරව පරිප්පු, සීනි ඇතුළු තවත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ගුවන් යානා කීපයක්ම පාකිස්තානයේ සිට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙම සහල් තොගය ඔරුගොඩවත්ත පිහිටි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන ගබඩාවේ තැන්පත් කර, දැනට ආපදාවන්ට පත්ව සිටින ජනතාව වෙසෙන දිස්ත්‍රික්කවල ලේකම්වරුන්ගේ ඉල්ලීම මත මුදා හැරීමට නියමිතයි.

IMG_20170208_172110 IMG_20170208_175520