Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව කාන්තා ලෝක කුසලාන පළමු ජය ලබයි




කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට සත්කාරක ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (08) සමත් වුණා.

ඒ, අයර්ලන්තයට එරෙහිව ලකුණු 146 ක විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමිකරගනිමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 239 ක් රැස්කළා.

සිය එක්දින දිවියේ පළමු අර්ධ ශතකය වාර්තා කළ ඩිලානි මනෝදරා නොදැවී ලකුණු 53 ක් රැස්කළා. ප‍්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 61 යි.

ලකුණු 240 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත ක‍්‍රීඩිකාවන්ට සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 93 ක් පමණයි. මෙම තරගය කොළඹ එන්.සී.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණා.