Friday, April 19, 2024

General line - 0115112241

කිසිදු රටක ලාභ අපේක‍ෂාවෙන් පවත්වාගෙන යන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නෑ



නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ රාත්‍රී ප්‍රචාරය වූ අන්ලිමිටඩ් වැඩසටහනේදීද සාකච්ඡා කෙරුණේ සයිටම් ආයතනයට අදාළව පැන නැගී ඇති තත්ත්වයන් පිළිබදවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ ඊට සහභාගි වුණා.

ප්‍රමිතියක් නොමැතිව වෛද්‍යවරුන් බිහි කිරීම රටකට යහපතක් නොව අවදානමක් බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

නියමිත ප්‍රමිතීන් නොමැති වෛද්‍ය විද්‍යාල වසා දැමීමට කිසිදු රටක් මැලි නොවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල ප්‍රමිතියද නිරන්තරයෙන් අධ්‍යයනය කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

ලෝකයේ කිසිදු රටක ලාභ ලබන අපේක‍ෂාවෙන් පවත්වාගෙන යන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ එම සංවාදයේදී කියාසිටියා.

සම්පූර්ණ වැඩසටහන මෙතැනින් ශ්‍රවණය කරන්න…