Wednesday, April 24, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාව අංක එකට - අසේලගේ ශතකයෙන් ජාමේ බේරෙයි




ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. 

ඒ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ පැවති 5වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 88කින් ජයගනිමින්. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලූ 6ක් දැවී ලකුණු 384ක් රැස්කළා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 නිමා වන විට කඩුලූ 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 296ක් පමණයි. 

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලූ හතර ලකුණු 70ක් තුළ බිඳවැටුණා.

 ඉන් අනතුරුව පිටියේ එක්වූ අසේල ගුණරත්න සහ සචිත් පතිරණ 6වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 105ක සබදතාවක් ගොඩනැගුවා.

 සචිත් පතිරණ ලකුණු 56කට දැවී ගියා. 

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම අවමන් සහගත පරාජයකින් ගලවා ගැනීමේ සටනක නිරත වූ අසේල ගුණරත්න ඉනිම නිමාවන තුරු කඩුල්ලේ රැඳීසිටිමින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 114ක්. 

එය ඔහුගේ මංගල එක්දින ශතකය ද වනවා. 

හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.