Friday, April 19, 2024

General line - 0115112241

ට්‍රම්ප් අබේ හමුවක




පැසිෆික් කලාපයේ සාමය වෙනුවෙන් ජාපනය සමග සන්ධානගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 

අමෙරිකාවේ නිල සංචාරයක නිරත ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සමග පැවති සාකච්ඡාවලින් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්. 

අමෙරිකාව සමග ආර්ථීක හා වෙළෙඳ සබඳතා තරකර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ජපාන අග්‍රාමාත්‍යවරයා එහිදී අදහස් දක්වා තිඛෙනවා. 

මේ අතර එක චීනයක් යන ප්‍රතිපත්තිය තමන් පිළිගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළා.

 ඒ, චීන ජනාධිපති ෂි ජින් පිං සමග පැවති දුරකථන සංවාදයකදීයි. 

එක චීනයක් යන ප්‍රතිපත්තිය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පිළිගෙන ඇත්තේ ඔහු මීට පෙර සිටි ස්ථාවරය වෙනස් කරමින් වීම විශේෂත්වයක්.