Thursday, April 25, 2024

General line - 0115112241

සයිටම් අර්බුදය විසඳන්න ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්




පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් ඇති වී තිඛෙන ගැටලූ සහගත තත්ත්වයට විසඳුම් ලබාදීමේදී ඒ සදහා පත්කරන විශේෂ විද්වත් කමිටුවක නිර්දේශ පදනම් කරගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිඛෙනවා

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.

 මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබද වෛද්‍ය සංගම් නියෝජිතයින් මෙහිදී දීර්ඝ ලෙස ජනාධිපතිවරයා වෙත කරුණු දක්වා තිඛෙනවා.