Thursday, April 18, 2024

General line - 0115112241

ඉන්දියාවේ වාර්තාවක් දකුණු අප්‍රිකානුවෝ ඩැහැ ගනී




එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ලකුණු 350 සීමාව වැඩිම වාර ගණනකදී ඉක්මවා ගිය කණ්ඩායම ලෙස දකුණු අප්‍රිකාව වාර්තා අතරට එක්වුණා. 

ඒ, ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති අවසන් එක්දින තරගයේදී ලකුණු 384ක් රැස්කිරීමත් සමගයි. 

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින තරග 24කදී ලකුණු 350 සීමාව ඉක්මවා ගොස් තිඛෙනවා. 

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ අවස්ථා 23කදී එම දක්ෂතාව දැක්වූ ඉන්දීය කණ්ඩායමයි. 

ඔස්ට්‍රේලියාව අවස්ථා 18කදීත්, නවසීලන්තය අවස්ථා 12කදී සහ එංගලන්තය අවස්ථා 10කදීත් මෙම දක්ෂතාව දක්වා තිඛෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගවලදී ලකුණු 350 සීමාව ඉක්මවා ඇති වාර ගණන 7ක්. 

මේ අතර ඊයේ තරගයෙන් දකුණු අප්‍රිකාව ජය ලැබීමත් සමග අන්තර් ජාතික ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ද දකුණු අප්‍රිකානුවන්ට හිමි වුණා. 

ඒ, ප්‍රසාද ලකුණු 119ක් සමගින්. 

ඔස්ට්‍රේලියාව ලකුණු 118ක් හිමිකරගෙන එක්දින ශ්‍රේණිගත කිරීම්වල 2වන ස්ථානයට පත්ව තිඛෙන අතර නවසීලන්තය හා ඉන්දියාව පිළිවෙළින් 3වන හා 4වන ස්ථාන හිමිකරගෙන සිටිනවා. 5වන ස්ථානය හිමිව ඇත්තේ එංගලන්තයටයි. 

ශ්‍රී ලංකාව නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානයට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 98ක් සමගයි.