Friday, April 19, 2024

General line - 0115112241

ජනපතිගේ හා අගමැතිගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි




තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීමත් සමග ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසනවා. 

2012 වසරේ සිට 2016 වසර දක්වා සියලූම දේශපාලන පක්ෂ මගින් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලබාදුන් වත්කම් බැරකම් ප්‍රකාශ ද ඉල්ලා ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා. 

වකුගඩු රෝගය සම්බන්ධ තොරතුරු ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබ`ද තොරතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට ඉදිරිපත් කළ අයදුම්පත භාරගැනීම ද ප්‍රතික්ෂේප වූ බවයි සංකිතා ගුණරත්න වැඩිදුරටත් සඳහන් කළේ.