Thursday, April 25, 2024

General line - 0115112241

ඉබ්බන්කටුව සුසාන භූමිය සංචාරකයින්ට




ඉබ්බන්කටුව මෙගලිතික ඓතිහාසික සුසාන භූමිය නැරඹුම් ස්ථානයක් ලෙස සංචාරකයින් සඳහා අද (11) විවෘත කෙරුණා. ඒ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රිශාන්ත ගුණවර්ධනගේ ප‍්‍රධානත්වයෙන්.

ක‍්‍රිස්තු පූර්ව 701 පමණ කාලයේ මෙරට ජීවත් වූ ආදිවාසීන්ගේ සුසාන චාරිත‍්‍රයන් පිළිබඳ වැදගත් සාධක රැසක් මෙම සුසාන භූමියෙන් පෙන්නුම් කෙරෙනවා. මෙහි කැණීම් ආරම්භ කර ඇත්තේ 1970 වර්ෂයේදීයි. අදියර කිහිපයකින් කි‍්‍රයාත්මක වූ එම කැණීම් 2005 වසරේ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ කි‍්‍රයාත්මක කළ ව්‍යාපෘතියක් මගින් අවසන් කෙරුණා.