Saturday, April 20, 2024

General line - 0115112241

ජලයෙන් මතුවූ පන්සලට බැතිමතුන් දහස් ගණනකගෙන් වැඳුම් පිදුම්




නියගය නිමවා වැසි ලැබේ යැයි ප‍්‍රාර්ථනා කරමින් මස්කෙළියේ සහ අවට වතු කම්කරුවන් තවදුරටත් පුදපූජා පවත්වමින් සිටිනවා. නියගය නිසා සිදී යමින් තිබෙන මාවුස්සාකැලේ ජලාශයේ මතුවී ඇති හින්දු කෝවිලේද ඔවුන් මෙලෙස පුද පූජා පවත්වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

මාඋස්සාකැලේ ජලාශය ඉදිකිරීමේදී යටවූ පැරණි මස්කෙළිය නගරයේ පන්සල සහ මුස්ලිම් පල්ලියද මේ වනවිට මතුවී තිබෙනවා. ශී‍්‍රපාද වන්දනාවේ යෙදෙන සැදැහැවතුන්ද නතර වී එම පන්සල වන්දනා කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.