Thursday, March 28, 2024

General line - 0115112241

සහල් සඟවා හෝ වැඩි මිලට විකුණයිනම් 1977ට කියන්න




සහල් හිගයක් මවා පාමින් හෝ වැඩි මිලට සහල් අළෙවි කරමින් වංචනිකව කි‍්‍රයාකරන වෙළදුන් සම්බන්ධයෙන් දැඩි  ඕනෑකමකින් සොයාබලන බව ආණ්ඩුව පවසනවා. එවැන්නන් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට පැමිණිලි කරන ලෙස සියලූ දෙනාගෙන් ඉල්ලීමක්ද කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පැවසුවේ.

රත්නපුරයේ අද පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසුවා.

පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබාදීමට 1977 ක්‍ෂණික ඇමතුම් අංකය විවෘතව තිබෙනවා.