Thursday, April 25, 2024

General line - 0115112241

සිරිපා කරුණාව තිදෙනෙකුගේ අවසන් ගමන වෙයි..!




ශී‍්‍රපාද වන්දනාව සදහා යමින් සිටියදී හදිසියේ ඇති වූ හෘදයාබාධ හේතුවෙන් කාන්තාවක් සහ පිරිමින් දෙදෙනෙකු මියාගොස් තිබෙනවා. ඔවුන් මෙලෙස මියගොස් තිබෙන්නේ ඉදිකටුපාන සහ සීතගගුල අතර ප‍්‍රදේශයන්හිදීයි.

මියගිය අයගෙන් එක් අයෙකු මොරටුවේ පදිංචිකරුවෙකු වනවා. අනෙක් දෙදෙනා ගාල්ලේ පදිංචිකරුවන්. මියගිය තුන්දෙනාගේම සිරුරු පශ්චාත් මරණ පරීක්‍ෂණ සදහා මස්කෙළිය රෝහලට රැගෙනවිත් තිබෙනවා.