Tuesday, April 23, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගෙන් අලි වැටක්




එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන යටතේ තණමල්විල, හම්බෙගමුව ජනපදය ඇතුළු ගම්මාන කිහිපයක් ආවරණය වන පරිදි විදුලි වැටක් ඉදිකෙරෙමින් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්‍ෂ එතී‍්‍රන් කසීන් අද එය නිරීක්‍ෂණය කළා.

ඉදි කෙරෙන විදුලි වැටෙහි මුළු දිග කිලෝමීටර් 15 ක් වන බවයි වනජීවි දෙපාර්තමේන්තුව පැවසුවේ.  මේ හරහා උස්ගල කන්ද රක්‍ෂිතයේ සිට ගම්වදින අලි වළක්වා ගතහැකි වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙක් ප‍්‍රකාශ කළේ.