Friday, March 29, 2024

General line - 0115112241

අගමැතිගේ අලි කතාවට විරෝධය




සත්ව හිංසනය සඳහා විධායක බලතල යටතේ හෝ අවස්ථාවක් ලබාදිය නොහැකි බව පරිසරවේදීන් අවධාරණය කරනවා.

සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දෙන්නේ පෙරහැර සඳහා අලි ඇතුන් ලබාදීමට රජය නීතිමය රෙගුලාසි සකස් කරන්නේ නම් ඊට එරෙහිව නැගී සිටිය යුතු බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින්. එහිදී අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පෙරහැර සඳහා අලි ඇතුන් ලබාදීමේ දී අනුගමනය කළ යුතු නීති රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙන බවයි. පෙරහැර සඳහා අලි ඇතුන් ලබා දෙන්නට තීරණ කර ඇති බවත් අගමැතිවරයා පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම්ගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඔහු වැඩි දුරටත් සඳහන් කළේ  මෙරට අලි ඇතුන් සිටින්නේ පෙරහැරේ යෑමට හෝ කොටන් ඇදීමට නොවන බවයි.

සත්ත්ව හිංසනයට අනුව අලි ඇතුන්ට හිංසා කිරීම හෝ පෙරහැරේ ගෙනයෑම නීත්‍යානුකූලවම තහනම් ක්‍රියාවලියක් බවට පත්ව ඇති බවත් සඳහන් කළා.  

දළදා පෙරහැර වැනි ඓතිහාසික වැදගත්කමක් සහිත අවස්ථාවක් සඳහා පින්නවල අලි අනාථාගාරයෙන් අලි ඇතුන් ලබා ගැනීමට ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බවත් පසුව එම අලි ඇතුන් යළි එම පරිසරයටම මුදා හැරීම සිදු විය යුතු බවත් සඳහන් කළා. 

නීති විරෝධීව අලි ඇතුන් ළඟ තබාගත් පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශන ද මේ වනවිට අඩපණ වී ඇති බවයි පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් අවධාරණය කළේ.