Saturday, April 20, 2024

General line - 0115112241

අපස්මාර රෝගය මේ වනවිට බරපතල සමාජ ගැටළුවක් වෙලා




කුඩා දරුවන්ට වැළෙඳන අපස්මාර රෝගය මේ වනවිට බරපතල සමාජ ගැටළුවක් බවට පත්ව ඇතැයි ශ‍්‍රී ලංකා අපස්මාර සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය උපුල් අබේසේකර සඳහන් කළේ වැඩිහිටියන්ට මෙම රෝගය වැළඳීම හේතුවෙන් ශ‍්‍රම සම්පතට ද බලපෑමක් එල්ල වී ඇති බවයි. 

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "අපස්මාර රෝගය කියන්නේ මොළයේ සිදුවන ක්‍රියාකාරීත්වයේ වෙනස්වීමක් නිසා එය බාහිරට පේන ආකාරයයි. මීමැස්මොරය කියලා හඳුන්වන්නෙත් මේකම තමයි. මේ රෝගය සියයට අසූවක් බෙහෙත් මගින් පාලනය කරන්න පුළුවන්. තවත් කොටසකගේ ආහාර පාලනය, සායනික ක්‍රම සහ ශල්‍යකර්ම මගින් මෙම රෝගය පාලනය කරන්න පුලුවන්. දරුවන්ගේ අපස්මාරය අද විශාල සමාජ ගැටලුවක් වී තිබෙනවා." යනුවෙනි.

ලෝක අපස්මාර දිනය හෙටට (13) යෙදී තිබෙනවා. එහි සැමරුම් උත්සවය අද (12) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ කැම්බල් පිටියේ දී පැවැත්වීමට නියමිතයි. 

රෝගය මර්දනය කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය වන බව ද වෛද්‍ය උපුල් අබේසේකර වැඩිදුරටත් කියා සිටියා. මෙහි ඇති ගටලුව නම් මෙම රෝගයේ ඇති විශේෂත්වය අනුව රෝගීන්ව නිවෙස් තුළ සඟවාගෙන සිටීම බවත් පැවසුවා. මේ තත්ත්වය වෙනස් කිරීමට මාධ්‍ය මගින් රෝගය පිළිබඳ පුළුල්ව කතාබහ කළ යුතු බවද සඳහන් කළා.