Friday, March 29, 2024

General line - 0115112241

මොරගහකන්ද ජලාශය නරඹන්න එන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි




මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය නැරඹීම සඳහා මෙම සති අන්තයේ දී විශාල පිරිසක් පැමිණ ඇතැයි වාර්තා වනවා.

නෙත් නිවුස් වාර්තාකරු ප‍්‍රකාශ කළේ ගත වූ දින දෙක තුළ ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ජලාශය නැරඹීමට පැමිණ ඇති බවයි.

අදාළ ව්‍යාපෘතිය භාර මහජන සම්බන්ධතා නිළධාරී ඩී.එම් දයානන්ද සඳහන් කළේ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම මෙම ජනතාව පැමිණ ඇති බවයි.

මහවැලි ව්‍යාපෘතියේ අවසන් වාරි ව්‍යාපෘතිය වන්නේ මොරගහකන්ද කලුගඟ ව්‍යාපෘතියයි.මේ වන විට මෙම මොරගහකන්ද ජලාශයට ගම්මාන 11 ක් සම්පූර්ණයෙන්ම යට වී තිබෙනවා.

 මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය නැරඹීම පැමිණෙන ජනතාවට එම ජලාශයට බැසීමෙන් වලකින ලෙස ද අදාළ නිලධාරීන් ඉල්ලීමක් කළා. ජලාඹයට යට වූ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකා තව දුරටත් සිදුවෙමින් පවතින බවත් සඳහන් කළා.