Friday, March 29, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාව 'එකක් අරන්' එකට එයි



දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම බවට පත්ව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ පැවැති එක්දින තරගය ජය ගැනීමත් සමගයි.

සෙන්චූරියන්හි ඊයේ පැවැති තරගය ලකුණු 88කින් ජයග්‍රහණය කිරිමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ගලවා ගැනීමේ සටනක ඊයේ නිරත වූ අසේල ගුණරත්න එහිදී 114ක් නොදැවී ලබා ගත්තා.

එක්දින ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවූ දකුණ අප්‍රිකාව ප්‍රසාද ලකුණු 118ක් ඊයේ වන විට ලබා සිටියා.

පළමු ස්ථානයේ පසුවූ ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබා සිටි ප්‍රසාද ලකුණු ගණන 118ක්.

මේ වනවිට තවත් එක් ප්‍රසාද ලකුණක් ලබා (119) දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම බවට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව ශ්‍රේණි ගත කිරීම්වල හය වැනි තැනට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 98ක් ලබමින්.

මෙහිදී බංග්ලාදේශ කණ්ඩායම ප්‍රසාද ලකුණු 91ක් ලබා ලංකාවට පසුපසින් සිටිනවා.