Friday, April 19, 2024

General line - 0115112241

තෙවරප්පෙරුමට මිලියන 400ක නඩුවක් වැටුණු රබර් මෝලේ කතන්දරේ (VIDEO)



නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමට එරෙහිව ව්‍යාපාරිකයෙකු රුපියල් මිලියන 400ක් වන්දි ඉල්ලා නඩු පවරා ඇති බව වාර්තා වනවා. ඒ රබර් මෝලක් ජනතාවත් පරිසරයත් බිලිගන්නා බව පවසමින් අමත්‍යවරයා බුලත්සිංහල කොබවක රබර් ආයතනයකට එරෙහිව කටයුතු කිරීමත් සමගයි. නියමිත බැහැර කිරීමේ ක්‍රමවේදයන්ට පටහැනිව පරිසරයට විස රසායනික ද්‍රව්‍ය වසර 40 කට ආසන්න කාලාන්තරයක් මුළුල්ලේ මුදා හරින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පසුගිය කාලයේ ප්‍රදේශවාසීන් විසින් දැනුම් දී තිබුණා. මේ පිළිබද සොයා බැලීම සදහා නියෝජ්‍ය අමාත්‍ය වරයා සමග ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා ද එම ස්ථානයට ගිය අතර මේ සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය මත මෙලෙස නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.