Tuesday, April 16, 2024

General line - 0115112241

අවුරුදු 46 ක් ඇස නොගැටුණු ගමක්




අවුරුදු 46 ක් තිස්සේ කිසිදු බලධාරියෙකුගේ අවදානයට යොමු නොවු ජනපදයක් අරණායක ප්‍රාදේශිය ලේකම් කලාපයට අයත් තෙල්ලෙක ග්‍රාම සේවා වසමේ පිහිටා තිබෙනවා.

මෙම  ගම්මානය හඳුන්වන්නේ අඹගොල්ල ජනපදය ලෙසයි.

1971 වසරේ ගම් පුළුල් කිරිම යටතේ   එවකට පැවති රජයෙන් මෙම  ගම්මානය ආරම්භ කර තිබෙනවා.

මෙ වන විට නිවාස 52 ක් පමණ මෙම  ගම්මානයේ  ඇති අතර එහි  කිසිදු පුද්ගලයෙකු රජයේ රැකියාවක් නොකරන බවයි පැවසෙන්නේ.

බොහෝ දෙනෙකු කුලී වැඩ මගින් ජීවත්වන අතර  කාන්තාවන් බොහෝ දෙනෙකු නිවාස වල බිඩී ඔතා ජිවිකාව ගෙන යන බවයි වාර්තා වන්නේ.

නිසි මාර්ග පද්ධතියක් නොමැති කමින් පීඩා විඳින මෙම  ගම්වැසියන් දැනට භාවිතා කරන මාර්ගයන්ද  අවදානම් තත්ත්වයකට මුහුණ දී තිබෙනවා.


ගම්මානය බිහි වු දා සිටම ජල ගැටලූව සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකුගේ අවදානය යොමු නොවීම නිසා කිලෝමිටරයක පමණ දුරක් ගෙවා බීමට ජලය රැගෙන එන්නට ඔවුන්ට සිදුව තිබෙනවා.