Saturday, April 20, 2024

General line - 0115112241

රොක්වුඩ් වත්තෙන් කොකේන් මතුවෙයි




නෝර්වුඞ් රොක්වුඞ් වතුයායේ නිවසක සඟවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කළුතර පොලිස් කොට්ඨාසයේ මත්ද්‍රව්‍ය වැටලිම් එ්කකයේ නිලධාරීන් විසින් වැටලීම් සිදුකර ඇති බවයි. එහිදී කෙකේන් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 300 ක් සොයා ගැනුනා.

වතුකරයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක් කොළඹ ප‍්‍රදේශයේ ආපන ශාලාවක සේවයේ යෙදෙන අතරතුර වතුරකරයට කොකේන් රැගෙනවිත් ඇති බව ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් පොලීසියට පවසා ඇත්තේ තවත් කොකේන් මත්ද්‍රව්‍ය කොටසක් මේ වන විට වතුකරයේ අලෙවි කර ඇති බවයි. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කිරීමට නියමිතයි.

DSC00260 DSC00263 DSC00269 DSC00271 DSC00272 DSC00278