Friday, April 26, 2024

General line - 0115112241

ප්‍රමිතියෙන් යුත් ධාවන පථ නැති නිසා හිමාෂ ඒෂාන් ජැමෙයිකාවට 




කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන් පුහුණුවීම් සඳහා අද අලූයම ජැමෙයිකාව බලා පිටත්ව ගියා. 

මෙරට පුහුණුවීම් සඳහා පහසුකම් නොලැබෙන නිසා මෙම තීරණය ගත් බවයි  පැවසෙන්නේ.

ප්‍රමිතියෙන් යුත් ධාවන පථ මෙරට නොමැති වීම හේතුවෙන් හිමාෂ ඒෂාන් ජැමෙයිකාව බලා ගිය බවයි ඔහුගේ පුහුණුකරු චමින්ද  පෙරේරා සඳහන් කළේ.

ඉන්දියාවේ  දී ඉකුත් වසරේ පැවති දකුණු ආසියානු තරගාවලියේ මීටර් සියය සහ දෙසිීය ධාවන ඉසව්වල රන් පදක්කම ද දිනා ගැනීමට හිමාෂ ඒෂාන් සමත් වුණා. 

එම තරගාවලියේ මීටර් සියය ඉසව්ව ජය ගනිමින් වේගත්වම ක්‍රීඩකයා බවට පත් වූ හිමාෂ ඒෂාන් එහි දී නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ද කැපී පෙණුනා.