Thursday, April 18, 2024

General line - 0115112241

හම්බන්තොට සිද්ධියේ 24 ක් යළිත් රිමාන්ඩ්




හම්බන්තොට ඉඩම් පවරා ගැනීමට විරෝධය පළ කරමින් ඇති වූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක් අයෙකුට ඇප හිමි වී තිබෙනවා.

ඒ, සිද්ධියට අදාළ සැකකරුවන් හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (13) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී සුවිශේෂි කරුණු මත පදනම්ව රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප 03 ක් මත ඔහු මුදා හැරීමටයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් 24 දෙනෙකු මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. ඔවුන් ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි නියෝග කෙරුණේ.