Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රිකට් වාර්තා අලුත් කළ ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම දිවයිනට




ඉන්දියාවේ පැවති පන්දු වාර විස්සයි විස්ස දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ඉහළ දක්ෂතා දැක්වූ ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම හෙට (14) අලූයම දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.  

කටුනායක ගුවන් තොටුපොළේදී ඔවුන් පිළිගැනීම සඳහා නෙත් නිවුස් කණ්ඩායම ද සූදානමින් සිටිනවා.  

මෙවර තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසි ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම නව ලෝක වාර්තා දෙකක්ද පිහිටුවිමට සමත් වුණා.

සුරංග සම්පත් මෙවර තරගාවලියේදි තරගාවලියේ් වීරයා බවට පත් වෙමින් ශ‍්‍රී ලංකාවට වැඩි ගෞරව අත්කර දීමද විශේෂත්වයක්.

ඔහු මෙවර තරගාවලියේදී ශතක 05ක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක්ද පිහිටුවිමට සමත් වුණා.