Friday, March 29, 2024

General line - 0115112241

ඇමති නෑ..බලධාරීන් නෑ.. - ලොවක දෑස් විවර කරවූ ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරු දිවයිනට




බාධක මධ්‍යයේ ලෝක කුසලාන සිහිනය ජයගත් ශ්‍රී  ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට්  කණ්ඩායම  අද අලුයම දිවයිනට පැමිණියා. 

 

ඔවුන් පිළිගැනීම සඳහා දේශපාලන බලධාරීන් හෝ වගකිවයුතු මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කිසිවෙකුත් සහභාගී නොවූ අතර එම අවස්ථාවට එක්ව සිටියේ නෙත් නිවුස් කණ්ඩායම පමණයි.

 

මෙවර ඉන්දියාවේ පැවති පන්දුවාර විස්සයි විස්ස දෘෂ්‍යාබාධිත  තරගාවලියට සහභාගි වීම ඔවුන්ට අවිනිශ්චිත වී තිබුණේ පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගන පහසුකම් සහ ගුවන් ටිකට් පත් ඇතුළු ගැටලූ රාශියක් හේතුවෙන්. 

 

කෙසේ වෙතත් නෙත් නිවුස් ඊට මැදිහත් වීමත් සමග ඔවුන්ගේ සිහිනය සැබෑ වුණා.

 

කොළඹින් පිට ඈත ගම් දනව්වල සිටින දෘෂ්‍යාබාධිත  ක්‍රීඩකයින් ද  මෙවර ඉන්දියාවේ පැවති පන්දුවාර විස්ස දෘෂ්‍යාබාධික ලෝක කුසලාන ක්‍රිකට්  තරගාවලියට එක් වූයේ ලක් මවට ඉහළ ගෞරව අත්කර දීමේ අරමුණින්. 

 

ඒ  අතර මානුෂීය මෙහෙයුමේදී   ආබාධවලට ලක් වූ සෙබළුන් සිටීමද විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.

 

අවසන් පූර්ව වටය දක්වා පිවිසි ශ්‍රී  ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මෙහිදී නව ලෝක වාර්තා දෙකක් පිහිටුවීමටද  සමත් වුණා.

 

සුරංග සම්පත් ශතක 5ක් රැස් කරමින් බී තුන කාණ්ඩයේ තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ලක් මාතාවට තවත් ගෞරවයක් අත්කර දෙමින්.