Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියාව ජය ගනී 




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර  හයිද්‍රාබාද්හිදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්  ජය අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (13)  සමත් වුනා.

 

එහිදී ඉන්දියාව ලකුණු 208 ක ජයක් අත්කර ගත්තා.

 


ජයග්‍රහණය සඳහා ලකුණු 459 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 250 ක් පමනයි.

 

ඉන්දීය කණ්ඩායමේ රවිචන්ද්‍රන් අෂ්වින් සහ රවින්ද්‍ර ජදේජා කඩුලු 4 බැගින් දවාගනිමින් බංග්ලාදේශ දෙවැනි ඉනිම සුනුවිසුණු කර දමනු ලැබුවා.

 

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මහමදුල්ලා  ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුණා.


මෙම තරගයේදී සිවුවැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගත් ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවා.

 

ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.