Wednesday, April 24, 2024

General line - 0115112241

මහ ඇමති සිහිනය බොඳවී 'තමිල්නාඩුවේ සසිකලා' හිරගෙදරට




තමිල්නාඩු AIADMK පක්ෂයේ මහ ලේකම් වී.  කේ. සසිකලා අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් නඩුවකින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද වරදකාරිය කෙරුණා. 

 

ඒ අනුව ඇයට වසර 04ක සිර දඬුවමක්ද හිමිවනු ඇති. 

 

වහාම චෙන්නායි පොලිසියට භාරවෙන ලෙසද සසිකලාට නියෝග කෙරුණා. 

 

වසර 10ක කාලයක් දේශපාලනයේ නිරත වීමද ඇයට තහනම් වනු ඇති. 

 

ඒ අනුව තමිල්නාඩු මහ ඇමති ධුරය සම්බන්ධයෙන් ඇය තබා තිබූ බලාපොරොත්තුද බොඳව යනවා. 

 

මෙම නඩුව මුලිකව පවරා තිබුණේ තමිල්නාඩු හිටපු මහ ඇමතිණි ජයලලිතා ජයරාම්ට එරෙහිවයි. 

 

සිය පළමු ධුර කාලයේදී ඉන්දිය රුපියල් කෝටි 60ක වත්කම් අයථා ලෙස  උපයා ගැනීම ඇයට නගා තිබූ චෝදනාව වුණා. 

 

වී කේ සසිකලා චෝදනාවට ලක්ව  සිටියේ මෙම දුෂණ ක්‍රියා සඳහා ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන්. 

 

නඩුව මුලින් විභාග කෙරුණේ කර්නාටක මහාධිකරණයේයි. 

 

පසුව ජයලලිතා ජයරාම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. 

 

කෙසේ වෙතත් අද ප්‍රකාශිත නඩු තින්දුවේදි ජයලලිතා ජයරාම්ට එරෙහි චෝදනා පිළිබඳ  දීර්ඝ විස්තරයක් කෙරුණේ නැහැ.

 

ඇය මියගොස් සිටින නිසා එම නඩුවෙන් වැඩි අවධානයක් යොමු කර තිබුණේ වී කේ සසිකලා පිළිබඳවයි.